යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හෙලා දකිමින්, රුසියාව ‘ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්’ ලෙස නම් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කළේය.
යුක්රේන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින්, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති අමු අමුවේ උල්ලංඝනය කරනවා යැයි කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව රුසියාවට චෝදනා නැගුවේය.
රුසියාවට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට, සාමාජික රටවල් එක් වී ඉදිරිපත් කළ යෝජනාවට, සාමාජික රටවල් 58 ක් ඡන්දය දී එකඟත්වය පළ කර අතර, සාමාජික රටවල් 44 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
යුරෝපා පාර්ලිමේන්තුව සාමාජිකයන් 494 දෙනකුගෙන් සමන්විතය.
‘රුසියන් සමූහාණ්ඩුව, යුක්රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර කිසිසේත් අනුමත කරන්න බැහැ.
මේ වනවිට යුක්රේන වැසියන්ගේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියාව පහර දෙනවා. මෙය සැබැවින්ම කුරිරු ක්‍රියාවක්. සමාව දිය නොහැකි අමානුෂික ක්‍රියාවක්.’ යැයි එම යෝජනාවලියේ සඳහන් වී තිබේ.
ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් ලෙස නම් කිරීමෙන් පසු රුසියාව තවත් හුදෙකලා කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවට හැකිවන අතර, රුසියාවට විවිධාකාරයේ බලපෑම් එල්ල කිරීමටත්, සම්බාධක සහ තහංචි පැනැවීමටත් හැකිවෙයි.
යුරෝපා පාර්ලිමේන්තුව ගත් තීරණය ප්‍රසංශනීය යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සී සතුට පළ කරමින් පවසා ඇත.
(රොයිටර්)