රුසියාවේ නෞකා 3 ක් කොළඹ වරායට


 

රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල්  පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු විය.

නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  එම නෞකාවන් පිළිගන්නා ලදී.

වර්යාග් නෞකාව දිගින් මීටර් 187 කින් යුක්ත වන අතර නිලධාරින් සහ නාවිකයින් 529 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි.

අද්මිරාල් පැන්ට්ලීවි නෞකාව දිගින් මීටර් 162.8 කින් සහ නිලධාරින් සහ නාවිකයින් 388 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.

තවද, බෝරිස් බටෝමා නෞකාවේ නිලධාරින් සහ නාවිකයින් 75 දෙනෙකුගෙන් යුක්ත වන බවත් එහි දිග මිටර් 161.1 කි.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් එළබෙන දෙසැම්බර් 24 වැනි දා දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

(28535)

ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය