රොෂාන් රණසිංහ මෛත්‍රී මුර්ති හිමි බැහැදැකයි


(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

මෙවර  ජනාධිපති වරණයට  ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස  ඉදිරිපත්  වන  හිටපු  අමාත්‍ය  රොෂාන්  රණසිංහ  මහතා බලන්ගොඩ  ශ්‍රී  ධමිමානන්ද  පිරිවෙනේ  විහාරස්ථානයට අද (19) දා  පස්වරුවේ පැමිණ  අමරපුර නිකායේ උත්තරීතර  මහානායක  කරගොඩ  උයන්ගොඩ  මෛත්‍රී  මුර්ති  හිමියන්   බැහැදැක ආශිර්වාද  ලබා  ගත්තේය.

"අ⁣පගේ  අසිරිමත්  රට  යලි  ගොඩ  නගමු ! මැයෙන්   ඉදිරිපත්  කර  ඇති  ඒ  මහතාගේ  මැතිවරණ  ප්‍රතිපත්ති   ප්‍රකාශනය  මහා නායක  හිමියන්  වෙත පිළිගැන්විමද  එහිදී  සිදු  කලේය. 

එම  ප්‍රතිපත්ති  ප්‍රකාශනය  හිටපු  අග්‍රවිනිෂ්චකාර  සරත්  එන් . සිල්වා   මහතා  සමග  එක්ව  සකස්  කල  බවද  රොෂාන්  රණසිංහ  මහතා  එහිදී  මහානාය  හිමියන්  වෙත කියා  සිටියේය.

තරණයන්  ඉල්ලු  වෙනස, විධායක ජනාධිපති  ක්‍රමය අහෝසි  කිරිම , කොටිඨාශ  ක්‍රමයට  පාර්ලිමේන්තු මැතිවරණය  පැවැත්විම  යන  ප්‍රධාන  ප්‍රතිපක්ති කිහිපක්ද  එයට  ඇතුළත්  කර  ඇති බව ඒ  මහතා පැවැසීය.