රොසෙල් 75වැනි ප්‍රදර්ශනාගාරය කල්මුණේ


 ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය පසුගියදා කල්මුණේ දී විවෘත කළේය. මෙම නවතම සංකල්ප මන්දිරය රොසෙල් හි 75 වන ප්‍රදර්ශනාගාරය ද වේ.

රොසෙල් විසින්, අග්‍රගණ්‍ය නිමාවෙන් යුත් උසස් තත්ත්වයේ  ටයිල් සහ බාත්වෙයා උපාංග රැසක් දේශීය සහ විදේශීය වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර ඇත.

වර්ග අඩි 4780 ක ප්‍රදේශයක විහිදුනු මෙම සංකල්ප මන්දිරය, 128A, ප්‍රධාන වීදිය, කල්මුණේ-12 ලිපිනයේ පිහිටා ඇත. එය 700කට අධික විවිධ සංකල්පවලින් සමන්විත ටයිල් සහ 150කට අධික බාත්වෙයා උපාංග  ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික ටයිල් සහ බාත්වෙයා අත්දැකීම් නව මට්ටමකට ගෙන ඒමට අරමුණු කරයි.

595