රෝ බිය දුරු කරනු මැනේ රන් මැලි සෑ සාමිනේ


(අංජුල මහික වීරරත්න)

වසංගත රෝ බියෙන් පීඩිත සියලු ලෝවාසී ජනතාවට ආශිර්වාද පතා අනුරාධපුර ඵෙතිහාසික ස්වර්ණමාලී මහසෑය අභියසදී දින හතක් පුරා රතන සූත්‍ර සජ්ඣායනයක් ඇරඹූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමිවරුන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන සංවිධාන කර තිබේ. මෙම මස 20 වන දින දක්වා සෑම දිනකම පස්වරු 5.30 සිට පසුදා පහන් වනතුරු පවත්වන මෙම රතන සූත්‍ර සජ්ඣායනය ස්වර්ණමාලී මහසෑ බටහිර දොරටුව අභියස සිදුකෙරෙයි.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය,දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සියපත පදනම එක්ව මෙම වැඩසටහන සංවිධාන කරයි.