රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජන අන්ත අසාධාරණයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සාධාරණ වැටුප් වැඩිවීමක්දී තිබියදී පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම් රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජනය අන්ත අසාධාරණ බව  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ වැඩ වර්ජනයට සම්බන්ධව සිටින්නේ වෘත්තීය සමිති කිහිපයක් පමණක් බවත්  සෙසු කණ්ඩායම් ජනතාව ගැන සිතා වැඩ කරගෙන යන බවත් ඔහු කීවේය.

වැඩ කරන සේවකයන් වෙනුවෙන් උපරිම ආරක්ෂාව සලසන බවද අමාත්‍යවරයා සඳහන් කළේය