(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හැංගි ඉන්න පොලිස්පති හොයාගන්න බැරි ආණ්ඩුව පාස්කු මහ මොළකරු හොයාගන්නේ කොහොමදැයි සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවට සෙව්වන්දි හොයා ගන්නත් බැරි වුණා.කවුරු හරි පාස්කු මොලකරු හොයා ගනීවි කියලා කවුරු හරි හිතනවා නම් අනේ පව්.
ආණ්ඩුවේ මූල්‍ය සහකරුවකු වන හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර පොලිස්පති ඉන්න බව ආරංචියි.ඒත් එයාගේ ගෙදර හොයන්නේ නෑ.යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.