රෝහල් වර්ජනයෙන් රෝගීන් අමාරුවේ


(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද (11) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජන හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක වැඩකටයුතු අඩාල වීම නිසා බාහිර රෝගී අංශයට සහ සායනවලින් ඖෂධ ලබාගැනීමට පැමිණි ජනතාව වැඩි අපහසුතාවට පත්වූහ.

ගම්පහ,මහනුවර ඇතුළු දිවයිනෝ සෑම රෝහලම පාහේ පෙරවරු කාලයේ පැවැති මෙම වර්ජනය නිසා රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

බොහෝ ප්‍රදේශවල කොරෝනා එන්නත්කරණ කටයුතුවලට ද මෙම වර්ජනය බාධාවක්ව පැවැති අතර එන්නත් කරගැනීමට ආ පිරිසදැඩි අවුවේ සහ ඇතැම් ප්‍රදේශවල වැස්සට තෙමෙමින්  පැය පහක් පමණ කාලය පෝලිම්වල රැදී සිටියහ.

කොළඹ ජාතික රෝහලේ බෙහෙත් නිකුත් කිරීමේ කවුළු වසා තැබීම නිසා සායනවලින් බෙහෙත් නිර්දේශ කිරීමෙන් පසුව රෝගීන් දැඩි පහසුතාවට පත්ව සිටියහ.

වෛද්‍යවරු හැර සෙසු කාර්ය මණ්ඩල රැසක් මෙම වර්ජනයට එකතු වී සිටියි.

(ඡායාරූපය: තිලකරත්න දිසානායක)

(ඡායාරූප: ශාන්ත රත්නායක)


(අතුල බණ්ඩාර)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.


(නවරත්න සමරතුංග)

අම්පාර මහ රෝහලේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයට එකතු වී සිටි ආකාරය.