රෝහල් සේවයට හමුදාව


(රංජන් කස්තුරි සහ ජේ.ඒ.එල් ජයසිංහ)

රටපුරා රෝහල් ගණනාවක කණිෂ්ඨ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන හෙයින් යුධ හමුදාව යොදවා රෝහල්වල කටයුතු සිදු කිරීමට රෝහල් කීපයකට පාලනාධිකාරිය අද (6) පියවර ගෙන තිබිණ.

කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ හම්බන්තොට මහ රෝහල ඇතුළු රෝහල් කිපයක කටයුතු යුද හමුදාවේ සෙබළු විසින් සිදුකරනු ලැබූහ.

කොළඹ ජතික රෝහල ඇතුළු එම රෝහල්වල රෝගීන් වාට්ටුවෙත රැගෙන යාම, රෝගීන්ට ආහාරපාන බෙදාදීම රෝගීන් ශල්‍යාගාර කරා රැගෙනයාම විදුලි සෝපාන ක්‍රීයාත්මක කිරීම ඇතළු සේවාවන් රැසක් යුද හමුදාව මඟින් සිදුකරනු ලැබීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)