ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලය බැබලෙයි


විජය පුවත්පත් සමාගම 18 වන වරටත් සංවිධාන කළ ඓතිහාසික තන්තිරිමලය පොසොන් ආලෝක පූජාව අද (24)පස්වරුවේ පැවැත්විණි.

තන්තිරිමලය රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව මෙම පිංකම පැවැත්විණි.

තන්තිරිමලේ ආලෝක  පූජාව විවෘත කළ අවස්ථාව සහ තන්තිරිමලේ පුදබිම විදුලි ආලෝකයෙන් ඒකාලෝක වී තිබූ අයුරු ඡායාරූපවල දැක්වේ.

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී ශ්‍රී චන්ද්‍රදාස ,විල්පත්තුව සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරි කර්නල් එච්.එස්. ජයරත්න, තන්තිරිමලය වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.ඒ දිසානායක, විජය පුවත්පත් සමාගමෙි නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූප: අතුල බණ්ඩාර)