ලංකාදීප පුවත්පත ජනතා සම්මානයෙන් පිදුම් ලබයි


2019 වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 13වැනි වරටත් දිනපතා ලංකාදීප  පුවත්පත විසින් හිමිකරගන්නා ලදී.

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන   ‘ස්ලිම් නීල්සන් මහජන සම්මාන උළෙල‘ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (06) පැවැත්විණි.