ලංගම ඩිපෝ 55ක් කොට උඩ


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංගම බස් ඩිපෝ පනස් පහක් පාඩු ලබන බව  ප්‍රවාහන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

පාඩු ලබන ඩිපෝවල කළමනාකරුවන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීමට ඉදිරිපත් කෙරුණු තවත් යෝජනා දහයක් ඉදිරියේදී  ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.