ලංගම බසය විය සුබ ගමනට පිහිට


දරු සෙනෙහසක සිහිනය ළං වී       සිතට

දෙහදක මල් පැතුම් සුපිපී නැගි        මුවට

එක්වන රිසින් නෑදෑ පිරිවර             මැදට

ලංගම බසය විය සුබ ගමනට          පිහිට  - පද ආරියසේන හඳුවල

(ප්‍රියන්ත දසනායක සහ අජිත් ලංකාතිලක)

අකුරැස්ස මාරඹ ප්‍රදේශයේ විවාහ වූ තරුණ යුවළක් සිය මංගල ගමනට පාර ප්‍රවාහන ලංගම බස් රථයක් යොදාගත් අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිනි. 

පවතින ඉන්ධන, ආර්ථික අර්බුදය නිසා මෙම තීරණය ගත් බ නව යුවතිපතිහු පවසති.

ඉතාම චාම්ව හා අභිමානවත්ව පැවති මංගල උත්සවය රටට බරක් නොවන අයුරින් සැලසුම් කළ  කළ බව මාරඹ ඉදිකටුදෙනිය, විතානගිරි නිවසේ පදිංචි දමිත් ප්‍රියදර්ශන මනාල මහතා පැවැසීය.

සිය බිරිඳ වූ ඉසංකා මදුෂාණි සමග මාරඹ උත්සව ශාලාවකදී විවාහ වූ ඔවුන් දෙපළ නෑදෑ හිතමිතුරන්ට ආහාර පානවලින් සංග්‍රහ කොට පසුව අකුරැස්ස සිට දෙනියාය බලා ධාවනය වන බස්‍ රථයකින් නිවස වෙත පැමිණි බවත් දමිත් මහතා වැඩිදුරටත් පැවසීය.