ලංවීම මිලට ගන්නා ඉන්ධනවලට මිල සූත්‍රයක් ගේන්න


(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා මිලදී ගන්නා ඉන්ධන පාරදෘශ්‍ය මිල සූත්‍රයක් යටතේ ලබාදිය යුතු බවත් එසේ වුවහොත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවට වන බපෑම අවම කරගත හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදුලි බලාගාර දැවිතෙල් ලීටරයක් රුපියල් 419 කට මිලදී ගැනීමෙන් ලීටරයකට රුපියල් 228 ක් දැරීමට සිදුවී ඇති බවත් මෙම තත්වය මත විදුලි පාරිභෝගිකයන්ට වසරකට රුපියල් කෝටි 2700 ක අමතර බරක් පැටවී ඇති බවත් රත්නායක මහතා කීය.

සාධාරණ වියදම් මත පදනම් නොවූ ඉන්ධන මිල විදුලි ගාස්තුවට දැඩි ලෙස බලපා ඇති බව ද රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කරයි.