(විමුක්ති එස් රුද්‍රිගු, ගයාන් තිවංක සහ කවිඳු දිල්ෂාන්)
නවසීලන්තයේ අධ්‍යාපනය සඳහා පැමිණෙන විදේශ සිසුන් අයත් ප්‍රධාන රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් වන බවත් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන ශිෂ්‍යයන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව නවසීලන්ත දේශපාලන අධිකාරිය මෙන්ම නවසීලන්ත විශ්ව විද්‍යාලද සතුටෙන් පසුවන බවත් මෙරට නවසීලන්ත මහා කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා පසුගියදා පැවති වටමේස සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
වැඩි වශයෙන් පැමිණෙන්නේ පශ්චාත් උපාධි සඳහා වුවත් ඉදිරියේදී උපාධි අපේක්ෂාවෙන් සිටින සිසුසිසුවියන් දක්වා එම ප්‍රවණතාව වර්ධනය කර ගැනීමට අදහස් කරන බව ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සිසුන් නවසීලන්තයේදී අගය කොට සළකන බවත් නවසීලන්ත මහා කොමසාරිස් කාර්යාලයේද සහයෝගය ශ්‍රී ලාංකික සිසුන්ට ලැබෙන බවත් මහා කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
නවසීලන්තයේ අධ්‍යාපනය හදාරන්නන් සඳහා මේ වනවිට මාර්ගගත කණ්ඩායමක් පිහිටුවා තිබෙන බවත් එහිදී සියල්ල මුණ ගැසෙන බවත් කොමසාරිස්වරයා පැවැසුවේය.
දෙරට අතර භාණ්ඩ මෙන්ම සේවාද ප්‍රවර්ධනය කිරීමට මහා කොමසාරිස් කාර්යාලය බලාපොරොත්තු වන බවත් ඒ යටතේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන අංශ කීපයක් තිබෙන බවත් ඩේවිඩ් පයින් මහතා ප්‍රකාශ කළේය.
ඉන් ප්‍රධාන තැනක් දෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා හිමිවන බව ඔහු පැවැසුවේය.