ලක්විජය බලාගාරය ආශ්‍රිතව කඩොලාන පැළ සිටුවයි


(පද්මා කුමාරී කංකානම්ගේ )

 

ලංකා විදුලිබල මණ්ඩලයේ තුරු ලියට සවියක් වෙමු ව්‍යාපෘතිය යටතේ නොරොච්චෝල ලක් විජය බලාගාරය ආශ්‍රිත පරිශ්‍රයේ කඩොලාන පැළ 16,000 ක් සිටුවීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (29) කල්පිටිය නරි කුඩාව කලපුවේ දී සිදු විය.

ලක් විජය බලාගාරයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි ඉන්ද්‍රසිරි ගාල්ලගේ සහ පාරිසරික ඉංජිනේරු චින්තක දිසානායක යන නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වුහ.

මහවැළි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව,සමුද්‍රීය  පරිසර ආරක්ෂණ අධිකාරීය සහ කල්පිටිය ප්‍රාදේශීය සභාව ද මේ සඳහා දායකත්වය ලබා දී තිබේ.