(රෝෂන් තුෂාර)
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.
පුද්ගලික ලේකම් යැයි කියන මඩකලපුවේ යෝගනාදන් රොස්මන් සහ කෞතිකිරන් ප්‍රදීපන් යන සැකකරුවන්ට මෙසේ ඇප නියම කෙරිණි.
සැකකරුවන්ට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප හතරක් සහ රුපියල් 50000ක මුදල් ඇප දෙකක් නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මහවැලි අධිකාරියේ බී කලාපයේ වැව් වලින්ව ලබා ගන්නා රොන් මඩ සහිත වැලි කැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හරහා බලපත්‍රයක් නිකුත් කිරීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දීමෙන් පසුව මෙසේ ඇප නියම කළේය.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප නියම කළ අතර විමර්ශන විභාගය ජනවාරි 28 දිනට නියම කෙරිණි.