ලක්ෂ 27 විදුලි උපකරණ සොරා ගත් කතක් ඇතුළු 3 ක් මාට්ටු


(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල නගරයේ විදුලි උපකරණ වෙළඳසැළකින්  රුපියල් ලක්ෂ 27 ක විදුලි උපකරණ සොරකම් කර සැකකරුවන් දෙදෙනෙකු  ඊට අනුබල දුන් කාන්තාවකුත් එම භාණ්ඩ සමඟ අද (31) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

බේරුවල නගරයේ පිහිටි ප්‍රසිද්ධ විදුලි උපකරණ සමාගමකට අයත් ප්‍රදර්ශනාගාරයකට අලුයම් කාලයේ ඇතුළු වි තිබෙන සැකරුවන් රුපියල් ලක්ෂ 27 විදුලි උපකරණ සොරා ගෙන සැඟව සිටියදි ඊට අනුබල දුන් කාන්තාව ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් තිදෙනා සමඟ සොරකම් කර තිබු ජංගම දුරකතන 18ක්, ලැප්ටොප් 2ක්, රූපවාහිනි යන්ත්‍ර 3 ක් ඇතුළු  භාණ්ඩ  පොලිස් බාරයට ගෙන තිබේ. 

සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා මොරටුව පානදුර සහ කොළඹ ප්‍රදේශයේ අය බව පොලිසිය කියයි.