ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා


(අංජුල මහික වීරරත්න සහ තිලකරත්න දිසානායක)

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.

ජනපතිවරණයේ දී  ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 17,140,354 දෙනකු සුදුසුකම ලබා සිටි අතර, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඉන් ඡන්දදායකයන් 13,619,916 දෙනකු ඡන්දය භාවිත කර තිබූ බවය. එය ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 79.46කි.