ලග්ගල ගොවියෝ රටකජු අස්වැන්නේ සරු ඵල නෙළති


(කාංචන කුමාර ආරියදාස)
 
මොරගහකන්ද කළුගඟ ජලාශ යෝජනා ක්‍රමය යටතේ ඉදිවූ කළු ගඟ ජලාශයේ මංගල දියවරෙන් වගා කෙරුණු රටකජු අස්වනු නෙලීමේ කටයුතු මේ දිනවල ලග්ගල ප්‍රදේශයේ සිදුවේ.
 
මීට පෙර ලග්ගල ප්‍රදේශයේ  වසරකට එක කන්නයක්  වැඩ කෙරුණු කුඹුරු, කන්න දෙකම වැඩ කිරීම සඳහා හැකිවූ බව ගොවීහු පවසති.  ජනතාව ගොඩ බෝග සඳහා හුරු වීමත් සමඟ බොහෝ ඉඩම්වල රටකජු වගා කර තිබිණි. 
 
රටකජු   කිලෝවක් සඳහා රුපියල් 210 ක ඉහළ මිලක් ලැබෙන  බව ගොවීහු පෙන්වා දෙති.
 
ගොවියන්ද, කාන්තාවන් ද, කුඩා ළමුන්ද එක්ව සතුටින්  අස්වැන්න නෙළන ආකාරය දැකගත හැකිය.