(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මීට පෙර හිටපු ජනාධිපතිවරුන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් මෙන්ම ජනාධිපති පැටුපද ගෙන හොර පූසෝ සිටි බවද ජනාධිපතිවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ කෙනෙක් ජනාධිපති ධුරයට පත් වූ විට මන්ත්‍රී විශ්‍රාම වැටුපත් ලැබුණ බවට කිසිවකුත් දැන නොසිටි බව කී ජනාධිපතිවරයා තමා එම මන්ත්‍රී වැටුප ප්‍රතික්ෂේප කර බව සඳහන් කළේය.
එමෙන්ම මන්ත්‍රී කෙනෙක් ඇමති ධුරයක් ගත් පසු ඇමති වැටුපට අමතරව මන්ත්‍රී වැටුපද ලබාගෙන තිබූ බව කී ජනාධිපතිවරයා ජාතික ජනබලවේගයේ අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රී වැටුප පමණක් ලබා ගැනීමට තීරණයට එළඹි බවද සඳහන් කළේය.
එමෙන්ම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති වරප්‍රසාද පනත සංශෝධනය කරන බව කී ජනාධිපතිවරයා එම පනතත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනෙන බව සඳහන් කළේය.
අත උස්සන්න ලෑස්ති වෙලා ඉන්නැයි විපක්ෂයටත් දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කීය.
රුපියල් ලක්‍ෂ දහයකට තිබූ මන්ත්‍රී රක්ෂණය අගෝස්තුවේ සිට ලක්‍ෂ දෙකක් දක්වා පහත දමන බව ද ජනාධිපතිවරයා කීය.