ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට


(එච්.එස්.ඒ.නන්දන)

ලබුගම තුම්මෝදර  යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරිදි පෙම්වතිය අසාධ්‍ය තත්වයෙන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල පමුණුව පන්සල පාරේ පදිංචි ව සිටි කෝන්ගල උණංගලගේ පසිදු ලක්ෂාන් නමැති දහනව හැවිරිදි තරුණයෙකි. ඔහු සමග නාන්න ගිය පෙම්වතිය අම්බලන්ගොඩ කැනැන්ගොඩ ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණියකි.

මොවුන් දෙදෙනා කළුඅග්ගල දෙස සිට ලබුගම දෙසට යතුරුපැදියෙන් අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී පැල්පොළ ප්‍රදේශයේ අනාරක්ෂිත බෝක්කුවක් තුලට ඇදවැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයා සහ තරුණිය අසල්අවැසියන් එක්ව විස්සාවේල්ල මූලික රෝහලට රැගෙන කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

තරුණිය අසාධ්‍ය තත්ත්වයේ පසුවූ නිසා දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරීමට රෝහල් කාර්යය මණ්ඩලය ක්‍රීයාකර ඇත.

මෙම දියනෑමට යාමට මිතුරෙකුගෙන්  යතුරු පැදිය ඉල්ලාගත් එකක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.