ලාංකිකයන්ට ජපානයේ අලුත් රැකියා


(අංජුල මහික වීරරත්න)

ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජපානයේ නව රැකියා ක්ෂේත්‍ර විවෘත  කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඹ මහතා (Mr. Isomata Akio) කීය. 

ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහල යාමත් සමග වැඩි වශයෙන් විදේශ ශ්‍රමිකයින් එරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ අතරට ශ්‍රී ලාංකිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී හමු වූ අවස්ථාවේදී ජපන් තානාපතිවරයා මේ බව කීය.

එසේම ජපානයේ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති පුහුණුව පිළිබඳව සිය සතුට පළකළ තානාපතිවරයා ශ්‍රී ලාංකික තරුණයින්ගේ සත්කාර ක්‍රමයන් ඉතා ඉහලින් අගය කළේය.