ලාෆ් ගෑස් මිල ගැන තීරණය සඳුදා


(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල තවදුරටත් පවතින මිලේම පවත්වා ගැනීමට උත්සාහ කරන බවත් ලෝක වෙළඳපොළේ ගෑස් මිල අනුව ගෑස් මිල සංශෝධනයක් පිළිබඳ ලබන සඳුදා අවසන් තීරණයක් ගන්නා බවත් එම නිලධාරියා කීය.