ලෑල්ල කැඩෙද්දී කම්බියේ එල්ලී බේරුණු මවයි - පුතයි


(ප්‍රසන්න පත්මසිරි)

හම්බේගමුව කොටවෙහෙරමංකඩ වෙිලි ඔයේ අත්වැල් පාලමෙන් එගොඩ වී පාසලට වෙත ගමන් කළ පුතකු සහ ඔහුගේ මව එහි ලෑල්ලක් කඩාවැටී වේලිඔයට වැටෙන්න ගිය අවස්ථවේ පාලමේ එල්ලී ප්‍රදේශවාසීන්ගේ පිහිටෙන් දිවි බේරාගෙන ඇත.

අඩි 100 පමණ උස  අඩි 250ක් පමණ දිගින් යුත්ත වන එම පාලම මතින් වෙිලි ඔය තරණය කර මැදබැද්ද පාසලට යමින් සිටියදි අනතුර සිදුව තිබේ.

පාලම මතින් ගමන්ගත් මෙම මව සහ දියණිය වැල් පාලමේ ලෑල්ලක්  කැඩී  මව හා දියණිය පාලමේ කමිබියක එල්ලී ඇති අතර ප්‍රදේශවාසීන්ට ඔවුන් දෙදෙනා බෙරා ගැනීමට නොහැකි වුවානම් දෙදෙනා වේලි ඔයට වැටී ජලයේ අතුරුදන් වීමට තිබු බව ප්‍රදේශවාසීහු කියති.

මේ වන විට ප්‍රදේශවාසීන්  අත්වැල් පාලමේන් ගමන් කිරීම නවතා දැමීමට කටයුතු කර තිබේන අතර පාලම අළුත් වැඩියා කර දෙන්නැයි බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.