ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ


(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (1) පැවසීය.

ඔක්තෝබර් මස ලෝක වෙළෙඳපොලේ එල්.පී. ගෑස් මිල ඉහළ යන තත්වයක පැවතුණ ද ජනතාවට සහන සැලසීම සඳහා මිල වැඩි නොකරන බව ද සභාපතිවරයා කීය

.ඒ අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,960 ක ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක ද, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 ක ද, පවතින බව ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.