ලීසිං හා ණය වාරික ගෙවීමට සහනයක් ඉල්ලා කොළඹදී උද්ඝෝෂණයක්


කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ලීසිං හා ණය වාරික ගෙවීමේදී සහනයක් ලබාදෙන්නැයි ඉල්ලා 'ලීසින් හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය' සංවිධානය කළ උද්ඝෝෂණයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය සඳහා වෙන්වූ ස්ථානයේ දී අද (30) පැවැත්විණි.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ආදායම් අහිමි වී සිටින තමන් ලීසිං හා ණය වාරික ගෙවාගත නොහැකිව දැඩි පීඩාවකට පත්ව සිටින බව විරෝධතාවට සහභාගී වූ‍වෝ පැවසූහ.

ඔවුන් ඉන් අනතුරුව මහ බැංකුව දක්වා පාගමනින් ගොස් ඒ වෙත සංදේශයක් ද භාර දුන්හ

(ඡායාරූප: ශාන්ත රත්නායක)