(විමුක්ති එස් රුද්‍රිගු)
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
දැනටමත් එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට, අවධානයෙන් සිටින ලෙසත් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩිව ඉල්ලා සිටියේය.
පිටත ගමන් හැකිතාක් සීමා කරන ලෙසත් බේරුට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සිරියාවේ ඩමස්කස් නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලය සමග නිරන්තරයෙන් සබඳතාව පවත්වා ගන්නා ලෙසත් එම රටවල සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
[email protected] සහ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපින ඔස්සේ හෝ මෙම දුරකතන අංක ඔස්සේ 0094 771102510 සනත් බාලසූරිය මහතා, 0094 718381581 ප්‍රියංගි දිසානායක මෙනවිය, 00961 81485809 ෆාවාද් හවා මහතා, 00963 944499666, 00963 933858803 ඩමස්කස්හි ශ්‍රී ලංකා කොන්සල්වරයා වන ආචාර්ය අල් ඩෘබි මහතා අමතා තානාපති කාර්යාල හෝ කොන්සියුලර් කාර්යාල සමග සම්බන්ධ වන ලෙස එම රටවල සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.