ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් අප්‍රිකාවට අයත් ලෙසතෝ නමැති කුඩා රාජ්‍යයේ විදෙස් ඇමැතිවරයා, ජනාධිපති ට්‍රම්ප්ට සිය අප්‍රසාදය පළ කර ඇත.
කෙංග්‍රසය අමතද්දී, ට්‍රම්ප් සිය පාරිපාලනය මැදිහත් වී, ඇමෙරිකන් ජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක, ‘නාස්තිකාර’ විදෙස් ආධාර වැඩසටහන් ගැන පැහැදිලි කළේය. මේ වනවිට එවැනි ආධාර වැඩසටහන් බොහොමයක් නවත්වා දැමීමට ට්‍රම්ප් තීරණය කළ තිබේ.
එම ආධාර වැඩසටහන් යටතේ, ඇමෙරිකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක මුදලක්, ලෙසතෝ රාජ්‍යයට ලබා දී ඇත්තේ, එරට රාජ්‍ය නොවන සංවිධානයක් හරහා, සමරිසි පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටය.
‘අප්‍රිකාවේ ලෙසතෝ කියන රටට, අපි ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක් ආධාර ලබා දී තිබෙනවා. ලෙසතෝ කියා රටක් තිබෙනවා ද කියලවත් මම දන්නේ නැහැ. ඒක කොහෙ තියෙන රටක් ද? ඒ රටේ සමරිසියන් වෙනුවෙන්. ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදල් කිසිම වැඩකට නැති ව්‍යාපෘති සඳහා යොදවලා.’ යැයි ට්‍රම්ප්, කොංග්‍රසය අමතමින් පැවැසීය.
ලෙසතෝ රාජ්‍යයේ අප්‍රසාදය මෙම ප්‍රකාශයට යොමු වුණු අතර, ලෙසතෝ විදේශ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් තහ රටට අපහාසයක් වුණු බවය.
‘ඇමෙරිකන් ජනාධිපතිතුමා කියනවා, ලෙසතෝ කියලා රටක් තිබෙනවාදැයි ඔහු නොදන්නා බව. ඇමෙරිකන් ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශය අපට සිත්තැවුලක්. අපහාසයක්. මා රජය වෙනුවෙන්, ඇමෙරිකන් ජනාධිපතිතුමාට ඇරයුම් කරනවා. එන්න. ලෙසතෝ රාජ්‍යයට ඇවිත්, අපේ රට දැක ගන්න.’ යැයි විදෙස් ඇමැති ජෝන් පොට්ජෝනේ මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ලෙසතෝ රාජ්‍යය පිහිටා ඇත්තේ, අප්‍රිකා මහද්වීපයේ, දකුණු අප්‍රිකාවට මැදිවය. ලෙසතෝ ජනගහනය මිලියන දෙකකි. ලෙසතෝ යන්නෙහි අරුත ‘අහස් රාජ්‍යය’ යන්නය. අප්‍රිකාවට අයත් ඉතාමත් සුන්දර රාජ්‍යයක් ලෙස ලෙසතෝ සැලකෙයි.
(BBC)