ලොවට සෙත්පතා මිරිසවැටියේ පිරිත් පින්කමක්


(මනුල වික්‍රම)

ලොවපුරා පැතිරෙන වසංගත රෝග දුරු වන්නටත් ඒ වෙනුවෙන් කැපවූ  පිරිස්වෙත ආශිර්වාද පතා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිරිසවැටිය සෑ මළුවේදී සති පිරිත් දේශනාවක් ආරම්භ කළහ.

මිරිසවැටිය විහාරාධිකාරී හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන්ගේ මෙහෙයවීම යටතේ සංවිධානය කළ එම සති පිරිත් දේශානාව සඳහා රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන් ප්‍රධාන මහ සඟරුවන එක්වූහ.

පිරිත් පිරීමට අනුශාසනාවන් සිදුකළේ ලංකාරාමාධිකාරී උතුරුමධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති සහ කොළඹ ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක නාහිමිවරුන් ය.