ලෝක කඳුකර දිනය සැමරෙයි


 

 

(ඉන්දික අරුණ කුමාර)

ලෝක කඳුකර දිනය නිමිත්තෙන් විශේෂ රාජ්‍ය උත්සවය පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලෑබොක්ක අංශක 360 නැරඹුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

ලෝක කඳුකර දිනය (International Mountain Day) දෙසැම්බර් 11 වැනිදා වාර්ෂිකව  සමරනු ලබයි.

ජීවිතයට කඳුකරය කෙතරම් වැදගත් වන්නේ දැයි පෙන්වා දීමට හා කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමටත් සංවර්ධනය කිරිමෙන් විවිධ ප්‍රතිලාභ අත්පත් කරගැනීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක කඳුකර දිනය නම් කර තිබේ.

කැලෑබෝක්ක අංශක 360 දර්ශන පතය පෙරේදා (9) රාත්‍රියේ දී මාතලේ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ නිලධාරින් මෙන්ම එහි සාමාජික සාමාජිකාවන් රැය පහන් කරමින් කඳවුරු බැදීම ඊයේ (10) කබරගල-කැලෑබොක්ක විපුලානන්ද  විද්‍යාල පරිශ්‍රයේ දී ලෝක කඳුකර දින ප්‍රධාන උත්සවය පැවැත්විණි.

විවිධ සංස්කෘතිකාංග මෙන්ම විප්ලානන්ද විද්‍යාලයේ දු දරුවන්ට පරිසර පදක්කම් පැළඳවීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් වැඩසටහන තුළ දී ක්‍රියාත්මක විය.

රටවල් රැසක විදේශීකයින් පිරිසක් ද මෙම වැඩසටහන එක්විය.

උත්සවයට සමගාමීව පැවැති ගුවනේ පාවී යාම (Sky giving ) කාගෙත් සිත් ගත් අවස්ථාවක් විය.

යුක්රේන ජාතිකයින් මෙන්ම ශ්‍රී ලාංකික ගඟන කිමිදුම්කරුවන් ගඟන සංදර්ශන බොහෝ වේලාවක් අහස් කුස වර්ණවත් කෙරිණි.