ලෝක ජනගහනය බිලියන 8 පසු කරයි


ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළේය. බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක යැයි විදෙස් මාධ්‍ය පවසයි.

දරු උපත සිදුවී ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවර බව ද පැවැසෙයි. ලෝක ජනගහනය බිලියන හතේ සිට බිලියන අට පසු කිරීමට ගත වී ඇත්තේ වසර 11 ක් යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

ලෝක ජනගහනය බිලියන 9 සීමාව පසු කිරීම ඉදිරි වසර 15 ඇතුළත සිදුවනු ඇති බවත්, බිලියන 10 සීමාව පසු කිරීම 2080 වසරේ දී සිදුවනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මේ වනවිට ලොව වැඩිම ජනහනයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ, චීනය දෙවැනි ස්ථානයට පත් කරමිණි.

(රොයිටර්)