( ටී.කේ.ජී.කපිල )
ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් මහතා ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් සදහා අද(10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය .
ඔහු ලෝකයේ රටවල් 22 ක ගීත දර්ශක වල ඉහළම ස්ථානයේ පසුවන අතර ඇමෙරිකාවේ '' ග්‍රැමී " සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර මුළින්ම සිටින්නෙකි .
ජනාධිපති විද්‍යා සහ තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ආරාධනාවක් පරිදි ඇලෝයි බ්ලැක් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා සාකච්ඡා කිරිම සදහා මෙසේ මෙරටට පැමිණ තිබුණි .
එතුමා කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුලු පිරිසක් විසින් මහත් හරසරින් යුතුව පිළිගැනීමක් සිදු කෙරුණි .