ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි


(රෝෂන් තුෂාර)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර  සූක්ෂම ලෙස ඝාතනය කර කෝටි සියයකට අධික දේපළ පවරා ගත්තේ යැයි කියන  සිද්ධියේ ප්‍රධාන සැකකරු රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින්  අද (02) අත්අඩංගුවට ගෙන ඇත.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණකරුට අයත් දේපළ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් පවරාගෙන  භුක්ති විදීමට එරෙහිව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුත්තලමේ  පිහිටි පර්චස් 13 ඉඩමක් හා හලාවත පිහිටි පර්චස් 20 හා පර්චස් 50 ඉඩම් දෙකක් සැකකරු විසින් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් පවරා ඇතිකර ගෙන ඇති බව පැවසේ.

.