ලෝක සාමය සම්මානය ශ්‍රී ලාංකික සිසුවියකට


(ටී.කේ.ජී.කපිල )

ජපානයේ හිරෝෂිමා ආයතනය මගින්  ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව අනෙකුත් රටවල් පරදා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ  කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය පැවැත්වු කතාවට , ලෝක සාම සම්මානය ( World Peaceful Award ) දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

ඇය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ  ඉගෙනුම ලබන සිසුවියකි .මෙම සමුළුව ජපානයේ ටෝකියෝ නුවර ඉකුත් 20 දින පවත්වා තිබූ අතර එහිදී ඇය ලෝක සාම නියෝජිතවරියක ලෙස ද පත් කර තිබුණි .