වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු.1000ක් කරන්නැයි විරෝධතාවක්


 

(ශාන්ත රත්නායක)

වතු කම්කරු මධ්‍යස්ථානය හා ලංකා වැවිලි සේවා සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (21) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

වතු කම්කරුවන්ගේ දිනක අවම වැටුප රුපියල් 1000ක් කරන ලෙස රජයට බලකිරීම මෙම විරෝධතාවයේ අරමුණ විය.

උද්ඝෝෂණයට සහභාගී වූවෝ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් පාගමන ආරම්භ කර  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ, කළු කොඩි ප්‍රදර්ශනය කරමින් එහි සිට විරෝධය පළ කළහ.