වන්නි සියයට 69යි


(සිතුම් චතුරංග)

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පි.ඒ. සරත්චන්ද්‍ර මහතා පැවසීය.

වන්නි දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින් 128585 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන 152 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකෙරිණි.

ඡන්දය අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන වවුනියාව සෛවප්‍රකාශ බාලිකා විද්‍යාලය වෙත රැගෙන ඒම සිදුකළ අතර තැපැල් ඡන්ද ගණන් කිරීම සවස 04.30 වන විට ආරම්භ කරනු ලැබීය.

වවුනියාව සෛවප්‍රකාශ බාලිකා විද්‍යාලය වෙත ඡන්ද පෙට්ටි රැගෙන එනු ලැබු අයුරු ඡායාරූප‍යෙහි දැක්වේ.