වන්නියේ පුරන් කුඹුරු අස්වද්දා අස්වනු නෙලති



(රොමේෂ් මධුෂංඛ)
 
යුද්ධය සහ නියං තත්ව හේතුයෙන් වන්නියේ  ගොවිතැන් කරගත නොහැකිව, වසර 30කට අධික කාලයක් පුරන්ව තිබූ කුඹුරු අස්වද්දා එම කුඹුරුවල අස්වනු නෙළීමේ ප්‍රධානෝත්සවය අද (17) වව්නියාව ඇටඹගස්කඩ වෙල්යායේදී පැවැත්විණි.
 
උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි උපප්‍රධාන සංඝනායක පූජ්‍ය ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන්, වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි යන අයගේ ප්‍රධානත්වයෙන් කුඹුරුවල අස්වනු නෙළීම ඇරැඹිණි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ සංකල්පයට අනුව, පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරිණි.
 
මෙම අවස්ථාවට වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් ජානක මහතා, ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතවරු මෙන්ම ප්‍රදේශවාසීහු ද සහභාගී වී සිටියහ.