වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
අප්‍රිකා රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘එම් පොක්ස්’ වයිරසය, මේ වනවිට ගෝලීය සෞඛ්‍ය අවදානමක් ඇති කිරීමට ද සමත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.
අප්‍රිකා රටවලින් හමුවුණු වඳුරු උණ ආසාදිතයන් ගණන 15,664 ක් බව ද පැවැසෙයි.
අප්‍රිකා රටවල ආසාදිතයන් බොහෝ දෙනකු රෝහල්වලට නොගෙස් රෝගය සුව කර ගැනීමේ අරමුනින් පල්ලිවල යාඥා සඳහා සහභාගී වී ඇති අතර එය රෝග ව්‍යාප්තිය වේගවත් කිරීමට හේතුවක් වී ඇත.
අප්‍රිකා රටවල, මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘එම් පොක්ස්’ වයිරසයේ නව ප්‍රභේදයකි. මෙම ප්‍රභේදය බිහිසුණු බව පැවැසෙයි. නව ප්‍රභේදය රටවල් 13 කට පැතිරී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම රටවල් අතරින් වඳුරු උණ ව්‍යාප්තිය දරුණුවට සිදුවන්නේ කොංගෝ ජනරජයේය.
වඳුරු උණ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය. ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට මෙය මාරක වෙයි. වඳුරු උණ වයිරස ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගික පිරිමින් අතරේ යැයි ද තහවුරු වී තිබේ.
වඳුරු උණ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1958 දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලිනි. වඳුරු උණ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි. වඳුරු උණ වයිරසය පැපොල (චිකන් පොක්ස්) වයිරසයට සමානය.
මේ වනවිට යුරෝපා රටක් වන ස්වීඩනයෙන්, පාකිස්තානයෙන් සහ පිලපීනයෙන් වඳුරු උණ ආසාදිතයන් වාර්තා වී ඇත. ඉන්දීය සෞඛ්‍ය අංශ ද වඳුරු උණ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් පාකිස්තානයෙන් හමුවී ඇත්තේ වඳුරු උණ වයිරසයේ නව ප්‍රභේදය නොවන බව ද තහවුරු වී ඇත.
(ඒ.එෆ්.පී.)