(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියයට 100 ක් විශ්වාසයෙන් කිව හැකි බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පැවසුවාය.
කොළොන්නාවේදී පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
මීට මාස හයකට පෙර අතිවිශාල පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් විශාල පරිවර්තනයක් වෙනුවෙන් සියලු දෙනාම එකතු වී වෙනස කරගත් බවත් වර්තමාන ආණ්ඩුව රට භාර ගන්නා විට තිබ්බෙ කොතනද, මොන වගේ තත්ත්වයකද යන්න සියලු දෙනාම හොඳින් දන්නා බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.