වරාය අසළ උද්ඝෝෂණයක්


(ශාන්ත රත්නායක)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීමේ ගැටලුවට රජය මෙතෙක් නිසි විසදුමක් ලබා නොදීමට විරෝධය පල කරමින් වරාය වෘත්තීය සමිති සංවිධානය කළ  විරෝධතාවයක් අද(29) පැවැත්විණි.

එහිදී වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධන ලේකම් ශාමල් සුමනරත්න මහතා පැවසුවේ උද්ඝෝෂණයෙන් පසු අද සිට  වරායේ සේවකයන් සමග අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.