වරාය නගරය නැරඹීමට ජන ගඟක්


(යොහාන් භාසුර)

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව නැරඹීම සඳහා මේ වන විට ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටිති.

වරාය නගරයේ ඉදිකළ පදික මංතීරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කිරීමෙන් පසුව එය නැරඹීමේ අවස්ථාව ජනතාවට ලබාදුන්නේය.

මීටර 500 ක දිගින් යුත් මෙම පදික මංතීරුවේ ගමන් කරමින් වරාය නගර නැරඹීමේ අවස්ථාව මේ වන විට ජනතාවට හිමිව තිබේ.

(ඡායාරූප: ගයාන් අමරසේකර