වවුනියාවෙන් අනුරාධපුර යුගයට අයත් ශිලා ලේඛනයක් සහිත පුරාවිද්‍යා ස්මාරක


(සිතුම් චතුරංග)

වවුනියාව උතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වවුනියාව මන්නකුලම් රක්ෂිතයට ආසන්නයෙන් අනුරාධපුර යුගයට අයත් ඉපැරණි ශිලා ලේඛනයක් සහිත පුරාවිද්‍යා ස්මාරක කිහිපයක් සොයාගත් බව වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය පවසයි.

කනගරායන්කුලම නගරයේ සිට කිලෝමිටර හතක් දුරින් කරප්පුකට්ටි , මන්නකුලම් පිහිටා ඇති අතර මන්නකුලම් රක්ෂිත මධ්‍යයේ මෙම පුරාවිද්‍යා ස්ථානය සොයාගත් බව එම කාර්යාලය කියයි.

වවුනියාව ,කරප්පුකට්ටි යුද හමුදා 16වන සිංහ රෙජිමේන්තුව  ලබාදුන් තොරතුරු අනුව පසුගිය 13 වැනිදා සිදුකළ සොයාබැලීමකදී මෙම පුරාවිද්‍යා ස්ථානය සොයා ගෙන ඇත.

පුරාවිද්‍යා ස්මාරක පිහිටා තිබූ ස්ථානයේ ශිලා කුලණක ක්‍රිස්තු වර්ෂ අට හා නවය කාලයට අයත් මධ්‍යකාලීන සිංහල අක්ෂර වලින් ලියන ලද ඉපැරණි ශිලා ලේඛණය හමුව තිබේ.