වවුලන් අතරේ පැතිරෙන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ විය හැකි නව වයිරසයක් ගැන ඇමෙරිකන් විද්‍යාඥයෝ අනතුරු අගවති.
කොස්ටා 2 Khosta-2 යන නමින් නම් කර ඇති මෙම වයිරසය, මනුෂ්‍ය සෛලවලට ඉක්මනින් ආසාදනය වන බව සොයා ගෙන තිබේ. වයිරසය සදහා කිසිදු ප්‍රතිකර්මයක් නොමැත.
කොස්ටා 2 වයිරසය සොයාගෙන ඇත්තේ රුසියාවෙනි. ඒ, 2000 වසරේදීය.
කෙසේ නමුත් එදා මෙම වයිරසය මනුෂ්‍යයන්ට තර්ජනයක් වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස නොකළේය.
ඇමෙරිකන් විද්‍යාඥයන් කොස්ටා 2 වයිරසය ගැන වැඩි අවදානයක් යොමු කළේ 'කොවිඩ් 19' වයිරසයේ ව්‍යාප්තියත් සමගය.
ඒ අනුව, පසුගිය මාස කීපයේ ඇමෙරිකන් විද්‍යාඥයන් මෙම නව වයිරසය සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් සිදු කර ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)