වසර දෙකක් තිස්සේ දැරියකට හදි කළ 5ක් අල්ලයි


(සුමිත් පොතුපිටිය )

වයස අවුරුදු 13 ක  පාසල් සිසුවියක වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කල බව කියන  සිද්ධියක් සම්බන්ධයෙන්  පෞද්ගලික බස් කොන්දොස්තර වරයෙකු ඇතුළු පස්දෙනෙකු  අත්අඩංගුවට ගත්බවත් කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තර වරයෙකු කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රදවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු  බව පොලිසිය කීය. 

අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ සීයා කෙනෙකු බවද පොලිසිය සදහන් කරයි.

දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර , නිවසේ අගහිගකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබදෙමින් දැරිය රවටා වසර දෙකක  පමණ කාලයක සිට සමූහ  දූෂණයට ලක්කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය පවසයි .