(සුජිත් හේවාජුලිගේ)
අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.
මෙම පත් කිරීම කරනු ලැබ ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මෙතෙක් කටයුතු කළේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරියද අහෝසි වී නොයන්නේය.
ජනාධිපතිවරයාගේ නිර්දේශ ඕනෑම මොහොතක සළකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බලය ඇත.