(අංජුල මහික වීරරත්න)
ව්‍යවස්ථාව ආරක්ෂා කොට ව්‍යවස්ථාව තුළින් ජන ජනමතයට කන් දීමට තමා බැඳී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (11)පැවසීය.
කඩා වැටුණු ආර්ථිකය දවසෙන් දෙකෙන් හදන්නට නොහැකි අතර මූලික පියවර තැබීමට වසරක්වත් ගතවන බව කී අග්‍රාමාත්‍යවරයා කෙසේ වුවද දැන් රටට සර්වපාක්ෂික ආණ්ඩුවක් උවමනා වී තිබෙන බවද සඳහන් කළේය.
තම පෞද්ගලික නිවස ගිනි බත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි "ගිනි තැබුවේ මට තිබූ එකම නිවසයි. ලංකාවේ මෙන්ම පිට රටත් මට වෙනත් ගෙවල් තිබුණේ නැහැ.ඒ නිවස අද ගිනිබත් කර තිබෙනවා.මගේ ලොකුම ධනය වූයේ පුස්තකාලයයි.එහි පොත් 2500ක් තිබුණා."යනුවෙනි.