ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව  සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවත් රටක කර්මාන්ත සඳහා සියයට තුනක භූමි ප්‍රමාණයක් අවශ්‍යයි.කෘෂිකාර්මික කටයුතු සඳහා වැඩි පුර ඇති ඉඩම් කර්මාන්ත සඳහා ලබාදීමට අප අදහස් කර තිබෙනවා. අප ව්‍යවසායකත්ව  උන්මාදයක් ඇති කළ යුතුව තිබෙනවා.නවය වසරෙන් පසුව විෂය නිර්දේශයට ව්‍යවසායකත්ව විෂය  ඇතුල් කරන ලෙස අප ඉල්ලීම් කර තිබෙනවා.තරුණයන් ව්‍යවසායකයන් ලෙස ආර්ථිකයට බද්ධ කර ගැනීමේ සැලසුමක් අපට තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.