(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් ඉන්දියාවෙන් ආනයනය කර නිත්‍යානුකූලව බෙදා හරින රූපලාවන්‍ය වලට සමාන ව්‍යාජ රූපලාවන්‍ය ආලේපන අලෙවිකල පිළියන්දල සුපිරි වෙළඳ සැලක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
එම වෙළඳසැල තුළ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ වර්ග 27කින් යුත් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රූපලාවන ආලේපන දියර සහ ක්‍රීම් වර්ග තොගයක් පොලිස් භාරයට ගනු ලැබීය.
එම රූපලාවන ශිල්පිනිය පවත්වාගෙන යන ආයතනයේ නීති අංශයේ නිලධාරියෙක් පිළියන්දල පොලිසියට වෙත පැමිණ තම නියෝජිත ආයතනයෙන් බලපත්‍ර සහිතව ආනයනය කරන ලද රූපලාවන්‍ය ආලේපනවල නම අවභාවිතා කර නිෂ්පාදනය කළ ව්‍යාජ ආලේපන පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක අලෙවි කරන බවට කරන ලද පැමිණිල්ලක් ලැබුණ බව පොලිසිය කියයි .