(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට , ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු යාපනය , උඩුවිල් ප්‍රදේශයේ පදිංචි , පෞද්ගලික මූල්‍ය සමාගමක ක්ෂේත්‍ර නිලධාරීවරයෙකු ලෙස සේවය කළ 36 හැවිරිදි තරුණයෙකි .
ඔහු ඊයේ(02) දින රාත්‍රී 06.50 ට දෝහා වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයට පිවිසීම සදහා ඇමෙරිකානු ඩොලර් 60 ක මුදලක් වැය කර , කටුනායක ගුවන් තොටුපොළ " සේද මාවත ව්‍යාපාරික පංතියේ පහසුකම් සහිත විශේෂ පර්යන්තය වෙත පිවිස තිබේ .
එහිදී ආගමන විගමන , රේගු නිලධාරීන් මෙම පර්යන්තය වෙත පැමිණ එම මගීන්ගේ නිශ්කාශන කටයුතු සිදු කිරීම සිදු වේ . ඒ අනුව මෙම ද්‍රවිඩ ජාතික තරුණයා වෙත පැමිණි ආගමන විගමන නිලධාරීන් ඔහුගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී ඇති වූ සැකය මත , ඔහු එම පර්යන්තයෙන් දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැදවා ගෙන ගොස් , එහි සේවයේ නිරත නිලධාරීන් වෙත භාර දී තිබේ .